
(දයාරත්න ඇඹෝගම)
මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
මේසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය,ඉසෙන්බැස්සගල පදිංචිව සිටි බණ්ඩාගේ හින්නිහාමි(81)නැමති සත්දරු මවකි.
මියගිය මෙම මවගේ දරැවන් හය දෙනෙකු විවාහවි වෙන්ව ජිවිත්වන බවත් 59 හැවිරිදි තවත් එක් පුත්‍රයෙකු සමග ඇය නිවසේ ජීවත්වු බව පොලිසිය පැවසිය.
එම පුත්‍රයා මුදල් ඉල්ලා නිතර ඇයට කරදර කරමින් බහින්බස් වන බවත්ඊයේ (27)දින එසේ ආරාවුලක් සිදුවු බවත් එහිදි පුත්‍රයා විසින් මවට පොරොවකින පහරදිම නිසා ඇය එම ස්ථානයේදිම මිය ගොස් තිබු බවත් පොලිසිය පැවසිය.
සිය මව බැලිමට නිවසට පැමිණි දියණියක් සිය මව නිදි යහනේදිම මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුතාගේ පොරෝ පහරින් මව අවසන් ගමන් යයි
Shantha - Qatar Tuesday, 28 October 2025 01:55 PM
ආනත්තරිය පාපකර්ම. තිරිසනෙක් වත් මෙහෙම කරන්නේ නැහැ.
ලුම්බිණි Tuesday, 28 October 2025 02:30 PM
මෙහෙමත් කාලකන්නි තිරිසන්නු
Hira Tuesday, 28 October 2025 02:41 PM
මූට යන්න අපායක් නැහැ. මූ වෛරකාරයෙක්. මේ අම්මගේ බඩේ ඉපදිලා පලිය ගත්තා. සංසාරය කොතරම් බියකරුද?