(කේ. බුද්ධික කුමාරසිරි)
නාවල සේනානයක මාවත අසලදී මෝටර් රථයක් තුළ ඊයේ (18) දින රාත්‍රී දී සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.
අදාල සිද්ධිය වූ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඇය මරණකරුගේ සහ සැකකරුගේ යන දෙදෙනාගේම පෙම්වතිය බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් මෙම ඝාතනය පෙම් සබදතාවයක් මත සිදු වූ ඝාතනයක් බවට සැකකරන බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මනෝජ් කුමාර නමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ කාන්තාව අගලවත්ත මහගම ඕමත්ත ජනපදය හි පදිංචි 23 හැවිරිදි අයෙක් වන අතර සැකකරු මතුගල නෑබඩ පීල්ල මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 20 හැවිරිදි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
75
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහි ඇනුමකින් තුවාල වූ අයෙක් රෝහලේදී මරුට