(අංජුල මහික වීරරත්න)
පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් අද (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.
සමාජයේ යහ පැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන බව ජනාධිපතිවරයා පැවසීය.
කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිරිහුණු සමාජයට කාදිනල් තුමන්ගේ චරිතය පරමාදර්ශයක්
Asela Tuesday, 08 July 2025 09:39 AM
601 / 5,000 ඒ ප්‍රශංසාව ලැබිය යුත්තේ පාලනය කළ නොහැකි දිවක් ඇති දේශපාලනඥයින්ගෙන් නොව සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන්. පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයකට කාදිනල්තුමා පක්ෂපාතී වූ ආකාරය අපි දැක ඇත්තෙමු. ඔහුගේ යටි අරමුණ වූයේ ගෝඨා සහ රාජපක්ෂ මත වරද පැටවීමයි. උත්ප්‍රාසය නම්, ජනතා විමුක්ති පෙරමුණ කාදිනල්වරයා සමඟ කුප්‍රකට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අනුග්‍රහය දක්වමින් එවකට රජයට දොස් පැවරීමයි. බෞද්ධ නායකයෙකු ජනාධිපති වීමට මාර්ගය සකස් කිරීම සඳහා ධනවත් මුස්ලිම් තරුණයෙකු දිවි පිදූ බවට ජවිපෙ ප්‍රචාරක මෝල විසින් එන්පීපී වහලුන්ට ඒත්තු ගැන්වීය. ජේවීපී සහ එන්පීපී වහලුන් එය කුණු කසළ ලෙස පරිභෝජනය කර සමාජ මාධ්‍යවල විකාශනය කළහ.