(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය කාලයේදී කාන්තා හිංසන සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බව පැවසෙන පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියකට එහි ප්‍රධානීන් විසින් අවවාද ලිපියක් යොමු කරනු ලැබ ඇතැයි වාර්තාවේ.
මෙම අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ එම අංශයේ නිලධාරිනියකට මෙයට පෙර සිදුවූ බව පැවසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් විමර්ශන පවත්වනු ලබන අවස්ථාවක වීම විශේෂත්වයකි.
එම විමර්ශනය පවත්වනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසිනි.
දෙපාර්තමේන්තුවේ සේවිකාවකට සිදුව ඇතැයි පැවසෙන කිසියම් හිරිහැරයක් පිළිබඳව ක්‍රියාමාර්ග නොගන්නා ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් සේවිකාව එහි ප්‍රධානියෙකුට යැවූ බව පැවසෙන වට්ස්ඇප් පණිවිඩයක් මෙම අවවාදාත්මක ලිපිය යැවීමට හේතු පාදකවී තිබෙන බව දැනගන්නට ඇත.
මේ පිළිබඳව අප පාර්ලිමේන්තු ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියකට අදාළව සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු වාර්තාවී ඇති බවයි.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන විවිධ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මුජිබර් රහුමාන් මහතා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාර්ලිමේන්තු අයිටී අංශයේ නිලධාරිනියකට අවවාද ලිපියක්