
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඉක්වදෝරයට එරෙහිව මෙක්සිකෝව ලබාගත් 2-0 ක ඓතිහාසික ජයග්රහණය සමරමින් මෙක්සිකෝ සිටී නුවර සැමරුම් උත්සවයක් පැවැත්වුණු අතර එහිදී හටගත් තෙරපුමකින් 19 හැවිරිදි තරුණියක ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය අනෙක් දෙදෙනා 48 හැවිරිදි කාන්තාවක සහ 44 හැවිරිදි පිරිමියෙකි. තවත් 10 දෙනකු තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ බවත්, ඔවුන් රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
මෙක්සිකෝව, මේ වනවිට ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා සිටී. 1986 වසරෙන් පසු මෙක්සිකෝව මෙසේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ලැබූ එම ජයග්රහණය සමරමින්, ලක්ෂ ගණනක්, මෙක්සිකෝ ක්රීඩාලෝලීන් මෙක්සිකෝ සිටී අගනුවර ඇන්ජල් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්මාරකය අවට රැස්වී සිටි බව පැවැසෙයි. ජය සමරමින් පැවැති සැමරුමේ දී තිදෙනකු මියයෑම සම්බන්ධයෙන් මෙක්සිකෝ සිටි නගරාධිපතිනී ක්ලාරා බෘගාඩා මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට සොව පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd