IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන්න අවසර

(රෝෂන් තුෂාර)

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලි සාමාජිකයන්   සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන   නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග ගේ මෙරට බැංකු ගිණුම් දෙකක වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  රහස් පොලිසියට අද (16)අවසර ලබා දුන්නේය.

සම්පත් සිල්වාගේ මෙරට බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන සම්පත් සිල්වා නමැති අයගේ මෙරට බැංකු ගිණුම් දෙකකින් විශාල ලෙස මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවය. සැකකරු සම්බන්ධ යැයි කියන අපරාධ ජාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලිය අනාවරණය කර ගැනීම සඳහාඑම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අදාළ පුද්ගලික බැංකු දෙකෙහි බැංකු වාර්තා කැඳවීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැංකු වාර්තා ලබා ගැනීමට  අදාල නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙසටද නියෝග කළේය.

 

 



අදහස් (0)

පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30383 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12430 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 783 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site