IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

එම පුහුණු කෙරෙන නිලධාරීන්ට විශේෂ නිලඇදුමක් ලබාදෙන අතර විශේෂිත යතුරුපැදි 50 ක් සහ ගිනි අවි ලබාදී මැයි මස 01 වැනිදා සිට පාතාල මර්දන රාජකාරියට යොදවන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව අපරාධ වැඩියෙන් වාර්තා වන බස්නාහිර පළාතේ තෝරාගත් පොලිසි 25 කට නිලධාරීන් 4 දෙනකු බැගින් එම පුහුණු කෙරන නිලධාරීන් අනුයුක්ත කෙරෙන බව ද පොලිසිය පවසයි.

ඊට අමතරව ලබන මස 1 වැනිදා සිට සෑම පොලිස් ස්ථානයකම සිටින නිලධාරීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ගෙවල් බිදුම්, කොල්ලකෑම්, මාල කැඩීම්, වාහන සොරකම් ඇතුළු බල අපරාධ මැඩලීමේ රාජකාරියට යොදවන බවද පොලිසිය පවසයි.

දකුණු පළාතේ පාතාල මර්දනය සදහා යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායම් විස්සට තවත් කණ්ඩායම් 10 ක් ලබන මස 1 වැනිදා සිට එකතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (3)

පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ

Prabha Wednesday, 17 April 2024 08:25 PM

පොලිසියේ ඉහල පුටුවල ඉන්න උන්ගේ පාතාලයට තියන සම්බන්ධකම් ඇති තාක්කල් ඕවා කතන්දර

:       0       5

chandima Wednesday, 17 April 2024 09:54 PM

මෙච්චරකල් බුදියන් උන්නද ?දැන් එකපාරට පුහුණුව දීලා රාජකාරියට යොදවන්නේ ?ඔක්කොම ජෙප්පෝ ඉන්න තැනුත් කිව්වා නේද ?

:       1       1

Saman Dissanayake Thursday, 18 April 2024 07:10 AM

යුද හමුදවේ කමාන්ඩො ,SF සහය ගත්තොත් නරකද ? නිකන් බෑරක්ක වල දලා පඩි ගෙවනවනේ තනියම ඔක කරනවට වඩා. මෙක රටටම බලපාන ප්‍රස්නයක්.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 30 9 0

බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන් නොහොත් ශාන් නමැත්තා අත්


රටවල් 67කට නොමිලේ වීසා
2024 අප්‍රේල් මස 30 124 0

රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.


දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 30 136 0

හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කට


පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි
2024 අප්‍රේල් මස 30 355 0

රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත


ජනපතිට එරෙහිව වාරණයක්
2024 අප්‍රේල් මස 30 35 0

අගවිනිසුරු ධුරයට හැර වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරවලට විනිසුරුවන් නිර්දේශ කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එ


උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට
2024 අප්‍රේල් මස 30 174 1

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1810 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1629 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site