(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස උද්ධමනය සියයට 2.5 ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට එකකින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මාර්තු මාසයේ සියයට 5.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස සියයට 2.9 ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිර
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙ
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.
පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට
Rawana Tuesday, 30 April 2024 05:43 PM
රනිල් රට ගොඩ ගත්තේ නෑ කියන අයට කනට දෙකක් ගහලා මේක පෙන්නන්න. සියයට 75ට ගියපු උද්ධමනය සියයට එකට බස්සන්න හැමෝටම බෑ...!
DineshTuesday, 30 April 2024 07:19 PM
75 හේ ඉදන් 1 ට නෙමෙයි .75 න් 1.5 ක් අඩු වෙලා තියෙන්නේ ,මොන ඉලක්කම් සෙල්ලම් දැම්මත් මිනිස්සුන්ට දැනෙනවද ?
Dasa PWednesday, 01 May 2024 05:39 PM
ඔක්තෝබර්වලින් පස්සේ එන්න කණට ගහන්න...
Perera Wednesday, 01 May 2024 12:16 AM
මේ විජ්ජා විශ්වාස කරන බුරුවෝ තවම රටේ ඉන්නවා