(අංජුල මහික වීරරත්න)
සීමාවාසික පුහුණුව 2024.10.29 දිනට අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයට අනුව ඉහත තනතුරු සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙස එම නිවේදනයේ දක්වා ඇත.
සියලු අයදුම්කරුවන් 2025.08.11 වන දින මධ්‍යහන 12.00 ට පෙර මාර්ගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ප්‍රාථමික ශ්‍රේණි වෛද්‍යවරු 1408 ක් ගන්න අයැදුම්පත් කැඳවයි