
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරිණි.
බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ මීට අදාළ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි නිලධාරීන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කර ඇත.
සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව පිහිටුවීමේ අරමුණ වේ. බුද්ධිමය දේපළ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය ඩී.එම්. කරුණාරත්න, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගේ, සහකාර අධ්‍යක්ෂ (නීති) ආචාර්ය අමාලි මුණසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) එම්.ජී.එන්. නදීෂානි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්.එච්.ඩී. ශ්‍යාමලී, අමාත්‍යාංශයේ නීති නිලධාරී අමානි පිංගමගේ මහත්ම මහත්මීහු මීට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2012
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රකාශන හිමිකම් ගැටළු ලිහන්න කමිටුවක්