
(අංජුල මහික වීරරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2024/25 මහ කන්නයේ වගා හානි වූ ගොවීන් 365 කට වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
රුපියල් මිලියන 12 කට ආසන්න මුදලක් එම ගොවීන්ට වන්දි ලෙස ගෙවීමට ඇතැයිද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
පසුගිය 2024/25 මහ කන්නයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් වගා කරන ලද වී, බඩ ඉරිඟු, සෝයා ආදි වගා නියඟය, ගංවතුර සහ වන අලි හානි හේතුවෙන් විනාශයට පත් විය.
අදාල වන්දි මුදල් ගෙවීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරු 2 සිදු කිරීමට සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd