IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පහේ කල්ලියක් දෙදරු පියා මරා ටිපරය පැහැර ගනිති

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි  ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථ‍ය පැහැරගෙන අලෙවි කිරීමට සැලසුම් කළ පස්දෙනකු සැකපිට අද (18)  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව පදිංචිව සිටි 29 වියති දෙදරු පියකු, වන එච්.ජී තුෂාර සඳුන් යන අය බව පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය පවසයි.

අරලගංවිල ප්‍රදේශයෙන් පැට වූ වැලි කියුබ් 03 ක් කුලියාපිටිය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ  (17)  අලුයම මනම්පිටිය කොටලීය ප්‍රදේශයේදී ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කොට, ටිපරයේ තිබූ වැලි මනම්පිටිය වනජීවී කාර්යාල අසල හලා එම ටිපරය කදුරුවෙල දක්වා රැගෙන ගොස් නවතා තිබේ.

ඒ අනුව බිරිද, ස්වාමියාට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්කු නිසා මේ පිළිබඳ බිරිඳ පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇත.

මීට අමතරව ටිපර් රථයේ හිමිකරුද මේ පිළිබඳ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස් තාක්ෂණය අනුව පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය, වනජීවී නිලධාරින්ද එක්ව මනම්පිටිය කොටලීය ප්‍රදේශයේ රියැදුරු සොයා මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එහිදි කට, අත්පා, ලණුවලින් ගැටගසා, මරා දමා තිබූ රියැදුරුගේ සිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරින් ලඳු කැලෑවක තිබි සොයා ගැනීමට හැකි වූ බව පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී.පතිරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (4)

පහේ කල්ලියක් දෙදරු පියා මරා ටිපරය පැහැර ගනිති

Senarath Thursday, 18 December 2025 09:35 AM

මේ අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම දිය යුතුයි. මැරුනු පුද්ගලයාගේ බිරිඳ, දරු දෙදෙනා ජීවත් වන්නේ කෙසේද?

:       0       16

ගුණරත්න Thursday, 18 December 2025 09:36 AM

ඔන්න රටකට ගිය කල, ගිය සතියේ කැත්තකින් ගහල වාහනේ පැහැරගෙන තිබුන. වෙන ඕනෑම රටක ඔය වගේ වාහන ඉතා සුළු මුදලකට ගන්න පුළුවන්. නමුත් ලංකාවේ රත්රන් බරටත් වඩා වාහනේ ගණන්. ඉතින් කොහොමද අපරාධ වලට ගොදුරු නොවී ඉන්නේ?

:       5       10

supun chamaraThursday, 18 December 2025 04:28 PM

මාර තර්ක. එහෙනම් ලංකාවේ හැම එකාම මිනීමරන්න එපැයි

:       0       1

MO77 Thursday, 18 December 2025 01:55 PM

මෙය සැබෑ අධ්‍යාපනය සමහර ග්‍රාමීය මිනිස්සුන්ගේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site