IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


පහුගිය වසර තුනේදී කෝච්චි 171ක් ඉබි ගමන් ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පසුගිය වසර තුනේදී  දුම්රිය (ගමන් වාර)  171ක්     ප්‍රමාදවී ධාවනයවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය.

මේ අනුව දුම්රිය ගමන් වාර 46 ක් ගිය වසරේද   දුම්රිය ගමන් වාර  61 ක්  2023 වර්ෂයේද දුම්රිය ගමන් වාර 64ක් 2022 වර්ෂයේද ප්‍රමාදවී ධාවනයවී ඇති බව  කමිටුව පවසයි

දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය

එසේම එක් එක් දුම්රියට අදාල ආදායම් වියදම් වාර්තාවක් සකස් කරන ලෙසත්  දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වලක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලෙසත්   කමිටුව  උපදෙස්දී ඇත.

මෙසේ නිර්දේශ ඉදිරිපත් කෙරුණේ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව   පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය.

 



අදහස් (0)

පහුගිය වසර තුනේදී කෝච්චි 171ක් ඉබි ගමන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1340 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 493 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 589 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site