
(සුජිත් හේවාජුලිගේ)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ නැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය ඇගයීමට සහ එය 2029 න් ඔබ්බට පැවතිය යුතුද යන්න තීරණය කිරීම සඳහා 2028 දී කමිටුවක් පත්කරන බව ඔහු සඳහන් කළේය.
විභාගය හා සම්බන්ධ අනවශ්‍ය පීඩනය අඩුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඊට අමතරව, පාසල් අතර විෂමතා ක්‍රමානුකූලව අඩුකිරීමට සහ ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී ස්වභාවය නිසා සිසුන් මත ඇති වන බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්ව දේවල් කරන්න අපි 3න් දෙකකට බලයක් දුන්නා... කළින් කරපු දේවල් දිගටම කරනවා. අපි හම්බ කරන සල්ලි ටියුෂන් කාරයෝ හූරන් කනවා. අධ්‍යාපනයේ වෙනසක් වෙනුවෙන් අපි බලන් හිටියා...
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ විකල්පයක් තිබිය යුතුවේ. පාසල් සිසුන්ට අධ්‍යාපනයේ තරගකාරිත්වයක් තිබිය යුතුවේ. එම තරගකාරීත්වය එම පාසල තුළ කණ්ඩායමක් නිර්මාණය කිරීමට, අධ්‍යාපන කලාපය හෝ පළාත් තුළ පාසල් සඳහා ඇතිකිරීමට කටයුතු කළයුතු වේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නිසා ජනප්‍රිය පාසල්වලට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දක්ෂයන් පැමිණේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දක්ෂ සිසුන් නිසා එම පාසල් ජනප්‍රිය වූවා වන්නට පුළුවනි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීම සිදු වුවහොත් ජනප්‍රිය පාසල් සත්‍ය වශයෙන්ම ජනප්‍රියද කියා තේරුම් ගැනීමට හැකිය. කෙසේවෙතත් ලංකාවේ සියලු පාසල් තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළයුතුවේ. රැකියාවක් නොමැති නිසා ගුරුවරුන් වසයෙන් පත්වන පිරිස නොව සත්‍ය වශයෙන්ම ඉගැන්වීම රාජකාරියක් නොව සේවයක් වශයෙන් සිතා ගුරුවරුන් වශයෙන් කටයුතු කරන්නා වූ පිරිස් අධ්‍යාපනයට එක්විය යුතුවේ..
10 වසර දක්වා විභාග ඉවත් කරන්න, 11 ඉඳන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පටන් ගන්න, අකැමැති අයට තමන් කැමැති ක්ශේත්‍රයකට යන්න දෙන්න. අලුතින් විශ්ව විද්‍යාල ටිකකුයි ඒවායේ සිස්ටම් ටිකයි හදන්න විතරයි ඕනෑ.
ඔවු ඕක නවත්වන්න එපා.. ටියුෂන් කාරයොත් කීයක් හරි හම්බු කරගන්න ඕනේ... ජනප්‍රිය පාසල් ක්‍රමයත් තවදුරට ක්‍රියාත්මක වෙන්න ඕනේ, ගමේ පාසල් වල සිටින දක්ෂ සිසුන් ටික නගරේ පාසල් වලට ගිහින් ගමේ පාසල් පහළට වැටෙන ක්‍රමය දිගින් දිගටම පවතින්න ඕනේ, අමතක කරන්න එපා වෘත්තීය සමිති කාරයෝ වගේ ටියුෂන් කාරයෝත් ඔයගොල්ලට ඡන්දේ දිනන්න විශාල සේවයක් කළා.
මේවා නීතිවලින් කරන්න බැහැ. එහෙම වෙන්න නං හැමෝම එකම පාසැලට පොරකන එක අඩු වෙන්න ඕනෑ. මේවාට හේතු හොයලා බලන එක හොඳයි.
ශිෂ්‍යත්ව විභාගයට දැන් ජනප්‍රිය පාසල් වල ඉන්න ළමයි ඔක්කෝමත් ලියනවානේ.. මේකෙන් විභාගය තවත් තරගකාරී වෙනවා නේද..? දැනටම ජාතික මට්ටමේ පාසල්වල ඉන්න ළමයින්ට ශිෂ්‍යත්ව විභාගය හැර වෙනත් ඇගැයීම් ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරිද...?