IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිස්තෝලයක්, උණ්ඩ සමග තුනක් සැකපිට

(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14 සමග පුද්ගලයන් දෙදෙනකු ද ඔවුන්ගේ තොරතුරු මත තවත් අයකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් උඩුගම්පොළ ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සැකකටයුතු රථවාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරමින් සිටි අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සතුව තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ දාහතරක් සහිත පතොරොම් ගැබක් ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය පවසයි.

මෙම සැකකරුවන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 36 සහ 31 යන වයසේ පසු වන්නන් බව පවසන පොලිසිය මොවුන්ට අනුබල ලබා දීම මත කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගනු ලැබූ බවත් පැවසීය.

මොවුන් මෙම පිස්තෝලය භාවිතා කරමින් කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කළේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම පිණිස රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

පිස්තෝලයක්, උණ්ඩ සමග තුනක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site