(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරදෙන්නැයි ඉල්ලමින් පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය මගින් සංවිධානය කළ විශේෂ දේව යැදුමක් සහ සත්‍යග්‍රහයක් වතිකානයේ ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රය අසලදී පැවැත්විණි.
මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙම යාඥාව සංවිධානය කළ බව පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය පවසයි.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය ආදී රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම යාඥාවට එක්ව සිටියහ.
ඔවුහු පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප මෙන්ම සාධාරණය ඉටුකරදෙන සඳහන් පුවරු ආදිය ප්‍රදර්ශනය කරමින් මෙම දේව යාඥාවෙහි නිරතව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු වින්දිතයන්ට එතෙරදීත් සහන ඉල්ලති