(ගයාන් සුරීය ආරච්චි)
බොරැල්ල, කාදර් මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගුවන්තොටුපළ ඒකකය පවසයි.
කටුනායක ගුවන් තොටුපළෙහි සවිකර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මගින් සැකකරු හඳුනා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සංචාරක වීසාවක් මාර්ගයෙන් ඩුබායි රාජ්‍යයට පලා යෑමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල පොලිසිය වෙත බාර දී ඇත.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පලා යන්න ගිය සැකකරුට වැඩ වරදි