
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්මහතා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි දුන්නේ ඉන් හත් දෙනකු පමණි
පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා සෙසු අට දෙනාගෙන් සාක්ෂි නොවිමසන බව දැනුම් දීමෙන් කමිටුව එම සාක්ෂිකරුවන් අද (25) මුදා හැරියේය.
මේ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් මැතිසභා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අද අවසන් විය.
පරීක්ෂණ කමිටුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 1 වැනිදාය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සහභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ රැස්විය.
රාජකාරිය කටයුත්තකට විදේශගතව සිටින පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි ලබාදීම අද(26) දිනෙන් පසු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා යන මහත්වරු දැනුම් දුන්හ. ඒ අනුව එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් ලබන මස 1 වැනිදා සාක්ෂි ගැනීමට තීරණය කෙරිණ.
අනතුරුව දෙපාර්ශවයෙන්ම ලිඛිත දේශන ලබන මස 8 වැනිදා පස්වරු 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට බාරදීමට දෙපාර්ශ්වය එකඟ වූහ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස්පති වෙනුවෙන් සාක්කි දෙන්න ආපු 8ක් හැරී යති
MD Wednesday, 25 June 2025 09:30 PM
ලෝකයේටම මෙවැනි නීතිපතිලා ඵකයිද කොහේද ඉන්නේ? අවංක රාජ්‍ය සේවය පිණිසද? නඩුකාර උන්නාන්සේ නීතිපතිද? නීතිපති නඩුකාර උන්නාන්සේද කියලා හොයාගන්න අමාරුයි. බද්ධ වෛරයෙන් යන ගමන් බොහෝම කෙටියි හොඳේ...