(සුජිත්හේවා ජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රැස්විය.
එම නාමය එහිදී සලකා බැලීමෙන් පසු
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීමට තීරණය කෙරිණ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 අඟහරුවාදා නැවත රැස්වීමට නියමිතය.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.
තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපූ බව ජනාධිපතිවරයා ඔහුට ලිඛිතවම දැනුම්දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් නම පමණක් බව දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට
කපිල Friday, 08 August 2025 09:18 AM
ඉතාමත් සුදුසු පුද්ගලයා.
අයි.ඩී අජිත් කුමාර Friday, 08 August 2025 12:39 PM
නිවාර්යයෙන් පොලීසියට අවශ්‍ය යම් මාවතකට ගෙන යා හැකි දූරදර්ශීව කටයුුතු කරන හොඳ නිළධාරියෙක්. පොලිසියේ අනාගතයක යහපත් එකක් වේවි. හොඳ තීරණයක් ජනාධිපතිතුමාගේ.
අරවින්ද මොණරවිල Friday, 08 August 2025 05:27 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තව මොනවද දන්නේ නැහැ සලකා බලන්න ඉතිරි වෙලා තියෙන්නේ...!
රයන් Saturday, 09 August 2025 06:55 PM
වියවස්ථා සභාව ලබන අඟහරුවාදා නැවත රැස්වී ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම යලි සලකා බලන්න යනවාලු. දේශබන්ධු පත්කරන කොට නම් ඔය මොනවත් නැහැ. නීතියත් යලි නිර්වචනය කරලා, මිනිහාව පත්කර ගත්තා...