
(සුජිත්හේවා ජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රැස්විය.
එම නාමය එහිදී සලකා බැලීමෙන් පසු
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීමට තීරණය කෙරිණ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 අඟහරුවාදා නැවත රැස්වීමට නියමිතය.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.
තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපූ බව ජනාධිපතිවරයා ඔහුට ලිඛිතවම දැනුම්දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් නම පමණක් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සුදුසු පුද්ගලයා.
නිවාර්යයෙන් පොලීසියට අවශ්‍ය යම් මාවතකට ගෙන යා හැකි දූරදර්ශීව කටයුුතු කරන හොඳ නිළධාරියෙක්. පොලිසියේ අනාගතයක යහපත් එකක් වේවි. හොඳ තීරණයක් ජනාධිපතිතුමාගේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තව මොනවද දන්නේ නැහැ සලකා බලන්න ඉතිරි වෙලා තියෙන්නේ...!
වියවස්ථා සභාව ලබන අඟහරුවාදා නැවත රැස්වී ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම යලි සලකා බලන්න යනවාලු. දේශබන්ධු පත්කරන කොට නම් ඔය මොනවත් නැහැ. නීතියත් යලි නිර්වචනය කරලා, මිනිහාව පත්කර ගත්තා...