(නිමල්  ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද  ප්‍රදේශයේදී 12 වෙනිදා සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී, සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 93 කන්දකාඩු, සිංහපුර ලිපිනයේ පදිංචිව 28 වියති ගාර්දි අම්බ්‍රෝඩ් කංකානම්ගේ තිලකසිරි යන අය බව පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ මෙම පුද්ගලයා සමග යතුරුයේ තවත් දෙදෙනෙකු ගමන් කර ඇති අතර සැකසිතූ  පොළොන්නරුව කොට්ඨාශ රථ වහන අංශයේ නිලධාරීන් යතුරුපැදියැ නැවැත්වීමට උත්සාහ කිරීමේදී නොනවත්වා ඔවුන් නිවස දක්වා ධාවනය කර තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනාද ඔවුන් පිටුපස ලුහුබැඳ ගොස් නිවසට ඇතුළු වු පුද්ගලයා කඩුවක් ගෙන පොලිසියට නිලධාරීන්ට පහරදීමට උත්සාහ දැරීමේදී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇත.
පසුව ප්‍රදේශවාසීන් විසින්  මෙම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර රෝහල්ගත කරන විට ඔහු මියගොස් සිටි බවද රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවසීය.

මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු වන බවත්, ඔහු ප්‍රදේශයේ ගංජා අලෙවිකරණ බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මොහු ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍යක් ප්‍රවාහනය කරමින් සිටියදී යතුරුපැදිය නොනවත්වා ධාවනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.

අප මේ පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ, යතුරුත සැකසහිත පුද්ගලයන් තිදෙනාම අන නොතකා ධාවනය කල විට, රථවාහන පොලිසීන් ලුහුබැඳ ගොස් ඇති බවත්, ඉන් දෙදෙනකු පලාගොස් ඇති අතර  එක් පුද්ගලයෙකු ඔහුගේ නිවසට ගොස් කඩුවක් ගෙන පොලිස් නිලධාරියෙකු දනගස්වා කඩුවෙන් පහර දීමට උත්සාහ දර ඇති බවත්, එහිදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීයෙකු එම පුද්ගලයාගේ ධනහිසට වෙඩි තබා ඇති බවයි.

මෙම පුද්ගලයා අධික ලෙස ගංජා හා හෙරෝයින් වලට ඇබ්බැහි වු අයෙකු බවද, බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් කිව්වේය.

සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්  ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක එල්,පී,ජේ. කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිදහස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.