(යොහාන් භාසුර)

පල්ලකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි සිරකරුවෙක් ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාල පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සිරකරු කොල්ලකෑම් රැසක චෝදනා ඇති ලියාපදිංචි අපරාධකරුවෙක් බවත් බන්ධනාගාරය පවසයි.