
(රංජන් කස්තුරි)
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60න් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.
පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගාකරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔවුහු පවසති.
මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව,කඩුවෙළ, සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන බව ද මේ දිනවල එම සෑම ප්‍රදේශයකින් ම ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ද උපසේන මහතා සඳහන් කරයි.
එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
බෝංචි කිලෝව රුපියල් 550 - 600 අතර මිලකටත්, කැරට් කිලෝව 350 - 400 අතර මිලකටත් , ලීක්ස් කිලෝව රුපියල් 350 කටත් තක්කාල කිලෝව රුපියල් 500 - 600 අතර මිලකටත් රාඹු කිලෝව රුපියල් 200 - 250 ත් අතර මිලකටත් අලෙවි වූ බව ද උපසේන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය වාර්තා පිට වාර්තා පිහිටුවයි
සීත රටවල් වල පවා ඉස්තරම් එළවළු මීට වඩා හුඟක් ලාබයි.. පිරිසිදු, නැවුම් එළවළු නිවසට රැගෙන එන වාරයක් පාසා, මට මතක් වෙන්නේ ලංකාවේ මිනිසුන් විඳින දුක් කන්දරාවයි. හැම පැත්තෙන්ම තැළෙන පොඩිවෙන මිනිසුනේ, දැන්වත් රටේ පාලනයට උගත්, බුද්ධිමත්, ඉදිරි දැක්මත් ඇති අවංක පාලකයන් පත්කර ගැනීමට උත්සුක වන්න. නැත්නම් සිදුවන්නේ ඔබලාගේ දූ දරුවන්ට පවා මේ අපා දුක උරුම වීමයි. මන්ද පෝෂණයෙන් පෙළෙන ජනතාවක් බිහිවෙන පෙර ළකුනු දැන්, දැන් පෙනෙන්නට තිබෙන බවයි මට නම් පෙනෙන්නේ. මේවා දැක, දැක නිහඞව ඉන්න බැරි නිසයි මේ ටිකත් ලිව්වේ...
ඒළවළු සැපයුම අඩුවීමට ප්‍රධාන හේතුව පසුගිය සති කිහිපය තුළ තිබූ අධික වර්ෂාවයි. විශේෂයෙන් උතුරින් එන එළවළු.. රසායනික පොහොර නොදැම්මා කියලා අස්වැන්නේ 60%ක් අඩු වෙන්න විදියක් නෑ.
මෙවාට නම් බෑම තමයි. අනේ ඉක්මනින් ගෙදර යන්න. අමෙරිකාවටම යන්න. පැත්ත පළාතේ එන්න එපා.
කාබනික පොහොර වගාව ඉතාමත් හොදයි. වස විස නොමැතිව රටේ ජනතාවගේ පැත්තෙන් හොද තීරණයක්. නමුත් පක්ෂ දේශපාලනය කරන අයගේ බලාපොරොත්තුව ජනතාව අන්දවල බලයට එන්නේ කොහොමද කියලා .පසුගිය සතිවල තිබුන අදික වැස්ස මේ එළවලු හිගයට ප්‍රදාන කාරණාවක් . මිනිස්සු ගෙදර හැදෙන කාබනික එළවලු ටික කඩේට විකුණලා රසායනික පොහොර දමපු දේවල් ගෙනල්ල කනවා. 100% කාබනික කොස් ගෙඩිය කපල කහට නැති කරන්න toilet වලට දමන හාර්පික් (Bleaching ) දමල සුදු කරලා විකුණන මිනිස්සු ඉන්න රටක් තමයි ලංකාව. එමනිසා තමන්ට පුළුවන් දෙයක් ගෙදර වගා කරගෙන දැනට කන්න. අපේ රට හදන්න ටිකක් දරදඩු ප්‍රතිපත්තියක් ඕනේ ඒ වගේම මත්දව්‍ය, එක නීතියක් , විනය , නීතිය ,රාජ්‍ය පරිපාලනය ,පාතාලය ,කප්පම් , කාර්යක්ෂමතාවය වැනි දේවල් වලටද ඉක්මනින්න්ම බෙහෙත් ඕනේ .