
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පොල්ගස්ඕවිට පාලාගම ප්‍රදේශයේ දි විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ වෙඩි ප්‍රහාරය හමුවේ මිය ගිය පුද්ගලයා මියයන විට මත්ද්‍රව්‍ය වර්ග අටක් පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී අද (25) දා සිදු කළ අතර එහිදී මරණකරුගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබේ.
මෙරට මත්ද්‍රව්‍ය වර්ග දොළහක් පරීක්ෂාවට ලක් කිරීමේ පහසුකම් පවතින අතර ඉන් මත්ද්‍රව්‍ය වර්ග අටක් පානය කර තිබීම විශේෂත්වයක් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් 18 දා දෙහිවල දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පළාගොස් පොල්ගස්ඕවිට පාලාගම කැබැල්ලෝවිට ප්‍රදේශයේ කුරුදු වගා කළ ඉඩමක වසා දමා තිබූ වාඩියක සැගව සිටින බවට විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව 25 දා අලුයම විශේෂ කාර් ය බළකා නිළධාරීන් පොලීසිය හා එක්ව සිදු කළ වැටලීමේදී මරණ කරු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිදුකළ ප්‍රති ප්‍රහාරය හමුවේ ඔහු මෙසේ මියගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරම් මත්ද්‍රව්‍ය අරගෙන කෙලින් ඉන්නත් පුළුවන් වුණාද? හරි පුදුමයි...
දැන් තේරුම් ගන්න පුළුවන්, කොහොමද මේවා කරන්නේ කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සල්ලි ඕනේ. හොඳ නරක තේරෙන එක ජීවිතයෙන් අයින් වෙලා තියෙන්නේ... අර මොකක්ද එකෙක් බැඳගත්තා වගේ ඒ කියන කියන එක කරනවා. අන්තිමට අඩු වයසින් මැරිලා යනවා. දියර ඒවටත් ඔය ටිකම තමා වෙනවා ඇත්තේ, හැබැයි වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. මත්වෙන දේවල් පාවිච්චි කරලා, කොහොම ගියත් ඊළඟ ජීවිතේ මන්ද මානසිකයි....