IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

(අංජුල මහික වීරරත්න)

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21)  පැවැත්විණි.

පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් සඳහා ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරයි. 

මෙවර 11 වෙනි වරටත් පැවති  පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවෝ  192ක්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලැබූහ.

පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි.

2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වෙනුවෙන්  සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. 



අදහස් (0)

පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 147 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site