
(අංජුල මහික වීරරත්න)
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විෂයෙහි නිලධාරීන් සඳහා ප්‍රංශ භාෂා පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රී ලංකා සිවිල් සේවකයින් සඳහා පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ප්‍රංශ රජයේ සැලකිය යුතු ආයෝජන මෙන් ම, ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රංශ රජයේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසංශාව පළ කළා ය.
මෙම අවස්ථාවට කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි, Marie-Noelle Duris, සහයෝගීතා හා සංස්කෘතික උපදේශක, Olivia Bellemere ද අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පරිපාලන), ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (සංවර්ධන), සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා කලාප අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ තානාපති අගමැතිනී හමුවෙයි