IMG-LOGO

පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පවතින  ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන  පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පවතින තත්ත්ව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ එදිනෙදා කටයුතුවලදී මෙන්ම   විශේෂයෙන්ම  භෝජනාගාරවලද  යම් යම් අඩුපාඩු  ඇතිවිය  හැකි බව   මහින්ද යාපා අබේවර්ධන මහතා  ප්‍රකාශ කළේය.

එම අපහසුතා මේ අවස්ථාවේදී   විඳ  දරා ගෙන සහයෝගය ලබා  දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව කතානායකවරයා මෙහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු අතරින් පතර නිවා දමා තිබෙනු ඊයේ  අපට දැකගත හැකිවිය.



අදහස් (7)

පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

ජගත් ලියනගේ Wednesday, 09 March 2022 12:55 PM

අපිට නං හිතෙන්නේ ඔය මුළු පාර්ලිමේන්තුවම වහලා දැම්මා නං හොඳයි කියලා... මොකද ඕකෙන් වෙන කිසිම සෙතක් නැහැ. මේ රටේ ඉන්න පුරවැසියන්ට...

:       0       10

Hafeel Wednesday, 09 March 2022 01:05 PM

මේක නම් හොඳ අදහසක්... කතානායක ඇතුළු නිදි, මැති ඇමැතිලාට හොඳ නින්දක් දාන්න පුළුවන්...!

:       0       5

Ruhunu Wednesday, 09 March 2022 01:55 PM

එළියෙන් අඳුරට...

:       0       2

යකාගෙ නීතිය Wednesday, 09 March 2022 05:47 PM

හැකිනම් පාර්ලිමේන්තුවේ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කරලා පෙන්වන්න. ඔට්ටුයි බැරුවට...

:       0       1

BamunuarachchiThursday, 10 March 2022 07:28 AM

ඔට්ටුයි ඔබට ඔබේ කාමරේ දොරවල් ජනෙල් වහගෙන දවසක් ඉන්න බැරුවට. මන්ත්‍රීලා රැස්වෙන ස්ථානයත් ඒ වගේ තැනක්.

:       0       0

හිටි ගමන් Wednesday, 09 March 2022 08:20 PM

මේ පාර්ලිමේන්තුව ගන්නේ හිටි ගමන් තීරණ නිසා තමයි මේ ප්‍රශ්න. මුලින් කළ යුත්ත කුමක්ද? ඇතිවිය හැකි ගැටළු පුරෝකථනය කිරීමෙන් ඒ ගැටළු ජය ගැනීමට ඇති දෙවන උපාය මාර්ගය කුමක්ද යන කිසිම දැනුවත් භාවයක්වත් පේන්න නැහැ. කිසිම සම්බන්ධීකරණයක් නැතිව සහ දුරදක්නා දර්ශනයකින් තොරව යන නිසා තමයි ලයිට් නිවන්න සහ කර්මාන්ත ශාලා අධීක්ෂණය වැනි ක්ෂුද්‍ර ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවේ අය වද වෙන්න පටන් අරන් තියෙන්නේ... ඇත්තෙන්ම මේ ස්ථානයෙන් විය යුත්තේ පුළුල් පරාසයක් සහ මුළුරටම අසුවන ප්‍රතිපත්ති සැකසීම නොවේද?

:       0       1

Bamunuarachchi Thursday, 10 March 2022 07:25 AM

අනවශ්‍ය විදුලි බල්බ සවිකළේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site