(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොවිඩ්  තත්වය හමුවේ  පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.

කොවිඩ්  ආසාදනයවීමෙන් පසු කතානායකවරයා සහභාගීවන මුල්ම රැස්වීම මෙයයි.

පාර්ලිමේන්තුව කල් නොදමා පවත්වන්නැයි සමගි ජන බලවේගයේ  නායකයන් එම  රැස්වීමේදි ඉල්ලීමක් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක්  සහ  පාර්ලිමේන්තු සේවකයෝ පනහකට ආසන්න පිරිසක් කොවිඩ්  රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.