(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ සිව්දෙනෙක්ට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු පිරිනැමීය.  
පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක අෂේන් බණ්ඩාරය, හිටපු ප්‍රබල ක්‍රීඩකයන් වන චාමර සිල්වා සහ නුවන් ප්‍රදීප් මෙසේ පොලිසියේ උසස් තනතුරු පිරිනැමීය.
කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ද, නුවන් ප්‍රදීප් සහ අෂේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක තනතුරට ද, පත්වූහ.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ක්‍රීඩකයන්ට පත්වීම් ලිපි ප්‍රධාන කළේය.