IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෞරානික චෛත්‍යයක් කෝටි 100 විකුණන්න ගිහින්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි, ආනන්ද ඉ ජයකොඩි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ  මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙ‍ෙකු වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වේයන්ගොඩ  සෙන්ට්‍රල් පාර්ක්, යටගම යන ස්ථානයේ දී මෙම වැටලීම කර ඇත. එහි දී රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම චෛත්‍යය නිධානයකින් ගත්තේ යැයි සැක සහිත පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම පුරා වස්තුව ලබාගත් ස්ථානය මෙන්ම සැකකරුවන්ට එය ලැබුනු ආකාරය හෙලි කර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ

 



අදහස් (1)

පෞරානික චෛත්‍යයක් කෝටි 100 විකුණන්න ගිහින්

randula Tuesday, 10 January 2023 07:14 PM

මේ විදිහට හොරෙන් කොච්චර නිධන් කැනීම් වෙනවද? නිධාන ගැන කොහොමත් පුරාවිද්‍යාවට වඩා අදාල පැතිවල මැති ඇමතිලා, ව්‍යාපරිකයෝ දන්නව. පුරාවිද්‍යා දෙපර්තමේන්තුවෙන්, සාමාන්‍ය කැනීම් වලින් පිට, නිධාන විදිහටම හොයාගත්තු එකම අවස්ථාවක් වත් මටනම් මතක නැහැ. අඩුම ගානේ ගම් වල තියෙන ප්‍රවාද ගැන වත් ටිකක් හොයලා කැනීම් කරානම් රටේ ඉතිහාසය ගැන අපිට, ලෝකයට අලුතෙන් දෙයක් එකතු කරන්න පුලුවන් වෙයි. මූල්‍යමය වටිනාකමට වඩා මේ අහිමිවෙන දේවල් වලින් අපිට නැතිවෙන්නේ අපේ ඉතිහාසය. මොකද, මේ පුරවාස්තු, අපේ දැනට බහුතරයක් විහාරස්ථාන හා ආශ්‍රමික සම්බන්ධ පුරාවස්තු වලට වඩා ගොඩක් වෙලාවට, ලන්කාවේ අතීත තාක්ශණය, විදේශ සම්බන්දතා සහ සමාජය ගැන ලොකු අදහසක් ගන්න පුලුවන් මූලාශ්‍ර.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site