
(නිමල් ජයරත්න)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපූවරු ගලවාගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයකු සැකපිට අද සවස අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.
ඔහු කිරාන් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි.
මීට අමතරව වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් ගලවා ගෙන ගොස් සභා භූමියේ තිබූ නාමපුවරු හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාලච්චේන ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරූල් මහතා අප කළ විමසීමකදී පැවසීය.
පුරාවිද්‍යා නාමපූවරු ගලවා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන සභාවේ සභාපති උප සභාපති,උප ලේකම් සහ තවත් සේවයකින් දෙදෙනකු ප්‍රදේශයෙන් පලගොස් සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද ජරූල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉකුත් 22 වෙනිදා වාලච්චේන ප්රාදේශය සභාවේ සභාපති,උප සභාපති හා සේවකයන් පිරිසක් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුදකලා සිද්ධි වගේ පෙනුනට ජාතිවාදී කලබලයක් ඇති කිරීමේ උත්සාහයන් වගේ පේන්නෙ මේවා. එකක් ත්‍රිකුණාමලේ සිද්ධිය, දැන් මේක. මහජනතාව විදිහට නුවණට හුරුම දේ අදාළ අංශ හැකි ඉක්මනින් දැනුවත් කරලා, සැක කරුවෝ අල්ලගන්න පොලිසියට සහය දෙන එක. නැතුව නීතිය අතට ගන්න එක නෙමේ. තව ඉස්සරහට යද්දී වඳ කොත්තු, ගබ්සා නාටක, බුදු පිළිම වලට කළු තෙල් ගෑම් එහෙමත් එන්ඩ පුළුවන්. දැනටම නැට්ට දෙබලේට හිර කරගත්ත හනුමලා රට ගිණි තියන්ඩ නටන නාඩගම් වෙන්ඩ බැරි නෑ.
කොහොමද පොලිස් බලතලත් දුන්නම් ? අපි තමයි බොරුවට දඟළන්නෙ ඔක්කොම එකයි කිය කියා. ඔවුන්ට අවස්ථාව ලැබුණු ගමන් සියල්ල වනාසා දමනවා. ඒ නිසා නිකම් බොරු සමානතා දාන්න ගිහින් සිංහලබෞද්ධ රට විනාශ කරගන්න එක කවුරු කවුරුත් නතර කරන්න ඕ
පොලිස්පතිතුමාට කාලය දෙන්න පව් ඵයා හරි busy.ගොබ්බ සෙට් එකේ කුණු ගොඩගැහෙන ප්‍රමාණයට සුද්ධ කරන්න වේලාවක් නැහැලු පව්.
නිය පොත්තෙන් කඩන්න පුලුවන් කාලෙ දැම්මම කඩල දාන්න. බැකෝ එකක් ගෙනල්ලවත් ගලව ගන්න බැරි වෙනකං වැවෙන්න ඉඩ නොදීමට වග බලා ගැනීම රජයේ වගකීමකි.
දකුණේ ඇති ..උතුරේ නැති ..සංහිඳියාව
සියාතුවෝ මොලේ පරික්ෂා කර ගන්ඩ. තවත් මාලිමාවේ බේගල් ඔලුව උඩ තියාගෙන ඉන්නේ. ඔය ඉන්න අවුරුදු 5 ක් විතර පිටිපස්සේ.