
(හේමලතා ඩී හේවගේ)
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීමෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහත් බිම් රැසක් ජලයෙන් යටවී නිසා පවුල් සියයකට අයත් පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මාහරගම ග්‍රාම සේවා වසම තුළ පදිංචි පවුල් 39 කට අයත් පුද්ගලයන් 160 ක්, මල්ගමුව පවුල් 14 පුද්ගලයන් 62 ක්,නාලවලාන පවුල් 24 ක පුද්ගලයන් 97 ක් සහ බඩබැද්ද පවුල් 17 කට අයත් පුද්ගලයන් 68 මේ වන විට ජලගැලීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මහතා පැවසීය.
පීඩාවට පත් පිරිස මුදවා ගැනීම සඳහා බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක කරන බවත් එම පිරිස මාහරගම ප්‍රාදේශීය සභා උප කාර්‍යාලයේ සහ පන්නල නගර ශාලාව තුල ස්ථාපිත කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 02 ක රඳවා තබා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සහන සේවා මධ්‍යස්ථාන තුළ රැඳී සිටින පිරිසට සහ ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත් පිරිසට අවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කරන බවත් ඉදිරි කාලය තුළ මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවද චතුර සමරසිංහ මහතා පැවසීය.
ගිරිඋල්ල නගරයට යෑම සඳහා ඇති සියලු මාර්ග මේ වන විට ජලයෙන් යට වී ඇත.

2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පන්නලත් යට වෙයි