(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ)

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ  මහත්මියගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට  කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජපක්ෂ මහත්මියට   දැනටමත් දැනුම් දී ඇත.

තමා අසනීපවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන හෙයින්  සුවවී පැමිණි පසු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව   නිරූපමා රාජපක්ෂ මහත්මිය එහිදී දැනුම්දී ඇතැයි  අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.