(ඩී.ජී. සුගතපාල)
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාරය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
ගාල්ල වරාය පොලිස් වසමේ කදුරුදූව ප්‍රදේශයේදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචි 25 හැවිරිදි ධිවරයෙක් සහ වංචාවල කදුරුදූව පදිංචි 35 හැවිරිදි කම්කරුවෙකි.
ඝාතනයට ලක්වු පස්දෙනා ගමන් කරන ලද ඩිපෙන්ඩර් රථය පිළිබඳ තොරතුරු සොයා බැලිම සම්බන්ධයෙන් සැකපිට මෙම දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර පළමුවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 30ක්ද දෙවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 200ක්ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම වරදකට අත්අඩංගුවට ගන්න සියලුම දෙනාගාව හෙරොයින් නෑ... පොලිසියෙන් හොරාට මාට්ටු කරනවද මන්දා...!