(විමුක්ති එස් රුද්‍රිගු)

කුඩා ප්‍රංශ හමුදා කණ්ඩායමක් තොරතුරු එක් රැස්කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණියේය.

ඒ අනුව මේ වනවිට ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල හමුදා කණ්ඩායම් විවිධ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තයට පැමිණ ඇත.

ප්‍රංශ හමුදා කණ්ඩායම ග්‍රීන්ලන්තයට පැමිණීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ප්‍රකාශ කර සිටියේ තවත් බලඇනි එම කණ්ඩායමට එකතුවනු ඇතිි බවයි.

ග්‍රීන් ලන්තය යටත් කර ගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි යළිත් අවධාරණය කර ඇති අවස්ථාවක නේටෝ සංවිධානයේ සාමාජික රටවල හමුදාවන් මෙලෙස ග්‍රීන්ලන්තයට පැමිණ ඇත.