IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නුවර රේල්ලුවට සත් මහල් නේවාසිකාගාරයක්

(අංජුල මහික වීරරත්න)

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහනුවර බහු විධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 5ක් ලැබී ඇති අතර, ලංසු 4ක් තාක්ෂණික වශයෙන් ප්‍රතිචාරාත්මක ලංසු වශයෙන් තීරණය කරනු ලැබ තිබේ. එම ලංසුවලට අදාළ මූල්‍ය ලංසු ඇගයීමෙන් අනතුරුව, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 1.53ක (වැට් රහිත) මුදලකට මාගා ඉංජිනියරින් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

නුවර රේල්ලුවට සත් මහල් නේවාසිකාගාරයක්

අසන්ත Tuesday, 18 November 2025 02:45 PM

මෙයින් සිදුවන සෙත හා පොදු ජනයාට ලැබෙන වාසිය කියන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site