IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති හෙයින් මැතිසබේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

එසේම එම වෙබ් අඩවි පළ කර ඇති තොරතුරු වාර්තා තමා සභාගත කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේ නීති උපාධිය ගත් ආකාරය ගැන වෙබ් සයිට් ගණනාවක ලිපි පළවෙලා තියෙනවා. එම උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උප කුලපතිවරයා ජුලි විසිතුන් වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඔහු ඉල්ලා අස්වී දින පනස් හතරකට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස අත්සන් කරන්නේ. මේ නිසා ඒ උපාධි සහතිකය ගැන මාධ්‍ය ප්‍රශ්න කරනවා.

සිටි යුනිවර් සිටි ලන්ඩන් ආයතනය නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25. අයදුම්පත දැම්මට පස්සේ නීති විද්‍යාලයේ එක බාර අරගෙන තියෙනවා. අයදුම්පත භාර දෙනකොට නීති විද්‍යාලය එම විශ්ව විද්‍යාලය පිළිඅරගෙන තිබුණේ නෑ. මේ ගැනත් ඒ වාර්තා වල අවධානය යොමු කරලා තියෙනවා. උපාධි සහතිකයේ සඳහන් වන අන්දමට ඔහුට තියෙන්නේ තුන්වෙනි පන්තියේ උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලයට ඇතුළත් වෙන්න බැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සියලු ලියැකියවිලි මම සභාගත කරනවා.

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රකාශයක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී ඩී.වී චානක මහතා:

21 රැස්වීම දැනගෙන මේ අය නයාට භූමි තෙල් ගහලා වගේ ඉන්නේ. දැන් ඔය අලුත් මඩක් පටන් අරගෙන තියෙනවා. එදත් මෙයාලා ඔය නීති උපාධිය ගැන කතා කළා. ඔබතුමාලා උසාවියටත් ගියානේ. නඩුවක් දාලා තියෙනවා. නලින්ද ඇමතිතුමා කියන්නේ සරල කාරණයක්. හොර වෙබ් සයිට් හදාගෙන මඩ ගහනවා. ඔබතුමා ඔය කරුණු ටික සී අයිඩියට වාර්තා කරන්න. නාමල් මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශයක් ගත්තා. නමුත් අද වෙනතුරු අධිකරණයට කරුණු වාර්තා කරල නැහැ.ෆේල් වෙනකොට මඩ ගහන එක එච්චර හොඳ නැහැ.

 



අදහස් (0)

නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 921 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site