(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.
"එම අනපේක්ෂිත අනතුරින් අපවත් වී වදාල දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිළිබඳව මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි. විදෙස් භික්ෂූන් වහන්ස්ලා නියෝජනය කරනූ ලබන ඉන්දියාව, රුසියාව සහ රුමේනියාව යන රාජ්‍යන්ට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතු වල නිරත වූ අපවත්වී වදාළ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ සඳහන් වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි
පිටිගල මිලානෝ Thursday, 25 September 2025 02:38 PM
පාස්කු බෝම්බෙ ගැන දුක නැතෙයි අයිබෝන්…?
රත්නසූරියThursday, 25 September 2025 03:34 PM
පිටිගල මිලානෝ, හැම දේකටම දේශපාලනය ගාගෙන තමන්ගේ අමනකම ප්‍රදර්ශනය කරන්න එපා. මේක කාටත් ශෝකජනක අවස්ථාවක්
ගමේ එකලා Thursday, 25 September 2025 03:59 PM
ජනතාවට ආසියාවෙ ආස්චර්‍ය පෙන්වනවා කියලා රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කනකොට,මාද්‍යවේදීන් ගාතනය කරන කොට බලලෝබියාට කිසිම දුකක් නැතුවා?
chama Thursday, 25 September 2025 04:21 PM
මොන ගොනෙක්ද මන්ද මේ පිටගල “Milano” කියන කෙනා. මෙතැනට වෙලා වෛරයම පතුරවනවා . හරියට තමන්ගේ ජීවිත කාලය කිසිම වැරදි දෙයක් නොකලා මිනිහෙක් වගේ අනුන්ගේම ඇද දකිමින් වාසය කරනවා . Comment වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකද ?