
ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 කට පසුවය. ඇමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් වී, සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.
පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර, ඒවා නම් කෙරෙන්නේ, ‘කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්’ නමිනි. කෙටියෙන් මෙම මෙහෙයුම් හැඳින්වෙන්නේ ‘ක්ලිප්ස්’ යනුවෙනි. ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ එම චන්ද්‍ර යානය සඳට කඩා වැටුණු අතර එම මෙහෙයුම අසාර්ථක විය.
සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කළේ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයයි. මෙය ‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයකි. යානය පතිත කළේ ‘මැලපර්ට් ඒ’ නමින් නම් කළ චන්ද්‍ර ආවාටයටය.
‘ඔඩිසියස්’ යානය, සඳ බලා යෑම සඳහා පෘථිවි කක්ෂයට රැගෙන ගියේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ‘ෆෝලකන් 9’ වර්ගයේ රොකට්ටුවය. ඒ, පසුගිය පෙබරවාරි 15 වැනිදාය. ‘ෆෝලකන් 9’ ගුවන්ගත වූයේ ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාසා යානය සඳට ගොඩබායි
dupul Friday, 23 February 2024 08:13 AM
ඇමෙරිකාව අවුරුදු 52 ට ඉස්සර සඳට යානයක් යැව්වා. අපි අවුරුදු 72 ක් තිස්සේ තවමත් සඳ දිහා බලාගෙන ගණන් හදමින් ඉන්නවා.
Perera Friday, 23 February 2024 09:52 AM
චිචියගේ රොකට් එකත් හඳේ තියනවාද කියලා බැලුවා නම්...!