
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ගේ 2028 ඔලිම්පික් උළෙල දක්වා වූ සියලුම ක්‍රීඩා හා සුභසාධන වගකීම් බාර ගැනීමට Access Solar Pvt Ltd සහ Access Real Estate/Residencies සමාගම් එකඟතාව පළ කර ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ඉල්ලීමකට අනුව එම සමාගම් මෙම එකඟතාව පළ කර තිබේ.
මේ යටතේ රුමේෂ් තරංග එම සමාගම්වල නිල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඊට අදාළ නිල අවබෝධතා ගිවිසුම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන් කෙරිණි.
මෙම ගිවිසුම හරහා 2028 ඔලිම්පික් ඉලක්කය වෙනුවෙන් ක්‍රීඩකයාට සහ පුහුණුකරුට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම්, පෝෂණ සහ අනෙකුත් සියලුම මූල්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට ඇක්සස් සමාගම කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති අසංග චන්දන සෙනෙවිරත්න මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd