
(සුජිත් හේවාජුලිගේ)
“මේ කට්ටිය කරන්නෙ පලිගැනීමක් තමයි. ඒක ඉතින් ඒ කට්ටිය සාමාන්‍යයෙන් කරන දෙයක්නේ” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
විපක්ෂයේ දේශපාලනය හොඳ තත්වයක තිබෙන බවත් විපක්ෂයේ අයට දැන් එකතු වී ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා එන දවස එයාගෙන් ඇසිය යුතු බවත් එයා එන දවස යන දවස තමා දන්නේ නැති බවත් ඔහු පැවසීය
විපක්ෂය එකතු වී වැඩ කළොත් ජයග්‍රහණය ලබා ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ විහාරාධිපති යටිවත්තේ ධම්මානන්ද නාහිමියන්ට මධ්‍යම සහ තදානුබද්ධ පළාත් උප ප්‍රධාන සංඝනායක පදවියේ අක්ක පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයෙන් පසුව මාධ්‍ය කළ විමසුමකදීය.
උත්සවය එම විහාරස්ථානයේදී පැවැත්විණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ධම්මානන්ද නාහිමියන්ට විජිණිපත මෙහිදී පිරිනමනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට විනාශ කරපු මේ අසික්කිතයින් ඇතුළු බලු රංචුවම කුඩුවේ දමන්නේ කවදාද?
එදා ජනාධිපති මැතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහත්මයාව හිරේට දාලා, ගොඩාක් ආදරය කළහැටි අපට තාමත් මතකයි. සිරිසේන මහත්තයා පැරදුණා නම්, එතුමාටත් ආදරය කරන හැටි අපට හිතා ගන්න පුළුවන්... "හක්කේ බුදුරැස් වුණාට බොක්කේ තියෙන්නේ දඩමස්" කියලා මේ රටේ බුද්ධිමත් මිනිස්සු දන්නවා..
නහින දෙහින කාලේ...
එයාලා කරන්නේ පලිගැනීමක්, ඔයාලා කෙරුවේ හොරකම්, එහෙම නේද අපේ හාන්දුරුවනේ...!
හොරකම් කරපුවා, මිනී මරපුවා හොයන එක පළිගැනීමක් තමයි. අපේ වීරයින්ට එහෙම කරන්න එපා...
හිටගෙන ඉන්නවද, ඉදගෙන ඉන්නවාද නොදන්නා මිනිහෙක්ගෙන් අහන ප්‍රශ්නද මේවා...?
සාටකයෝ දූශිතයෝ ආර්ථික ඝාතකයෝ මිනීමරුවෝ පට්ට හොරු බලලෝබී බඩගෝස්තරවාදී ගුණමකුවෝ රැවටිලි කාරයෝ ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, ජනතාවගේ, රීරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු, හැම අතින්ම රට විනාශම කරපු අය. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු, රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලණීකරණය කරපු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .
තමුන්ලා තරම් බලතණ්හාවෙන් ඉහවහා ගිහින් පළිගැනීමේ අදහසින් වැඩ කරපු කෙනෙක්, බලය වෙනුවෙන් ගේම් ගහපු අපරාධ කාරයෙක් ලොවෙත් නැතුව ඇති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.
විලාප දෙන්න එපා ලොක්කා. පළිගැනීම් නම් ඉතින් කටින්ද කියන්නේ?
ඔය ඔලමොට්ටල කතා විශ්වාස කලොත් හිරේ විලංගුවේ ඉන්න සේරම දෙනාගෙනුත් කවුරු හරි පලි අරගෙන වෙන්න ඕනෑ කියල තමයි හිතන්න වෙන්නේ. නැද්ද මං අහන්නේ? ටික කාලෙකට ඉස්සර කවුරුහරි පලිඅරගෙන අර ෆොන්සේකා කියල කෙනෙකුත් හිරේ ලැග්ග නේද?