(අංජුල මහික වීරරත්න)

මීගමු බන්ධනාගාර ගැටුම වැනි සිද්ධියක් නැවත ඇති නොවීමට වග බලා ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

තමා යටතේ ඇති ආයතනයක මේ ගැටුම හට ගත් නිසා එහි වගකීම තමාට බාරගැනීමට සිදුවන බව කී අමාත්‍යවරයා මේ වන විට තත්ත්වය සමථයකට පත්කර තිබෙන බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

අදාල ගැටුම නිසා තමා දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා කීය.