(ආනන්ද ඉ ජයකොඩි)
පස්යාලේ නිවසක නවතා තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා පැජරෝ ජීප් රථයක් අද (06) පාන්දර සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි.
නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි හලක හිමිකරුවෙකු ගේ ජීප් රථයක් එසේ සොරා ගෙන ගොස් ඇති බවද පොලීසිය කීය.
පාන්දර 3 ට පමණ නිවසේ ජනේලයක් කඩා සොරුන් නිවසට ඇතුල් වී යතුරු එල්ලන ස්ථානයක එල්ලා තිබූ ජිප් රථයේ යතුර රැගෙන ජීප් රථය පන ගන්වා රැගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
එම අවස්ථාවේ නිවසියන්ට නින්ද ගොස් සිටියදී සොරා ගෙන යාම සිදු කොට ඇති බවද පොලීසිය කීය.
සී සී ටී වී දර්ශන අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වාහනය සොරා ගෙන ගොස් ඇති බවටද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක් සොරුන් හා වාහනය සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යති.
බස්නාහිර පළාත කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ( පෑලියගොඩ) අධ්‍යක්ෂ , සහකාර පොලිස් අධිකාරී ඕ කේ ටී නානායක්කාර මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 5ක වාහනේට රුපියල් 20000ක් දීලා, අනාවරකයක් සවිකර තිබුණා නම් මේ දැන් වුණත් වාහනේ තියෙන තැනට යන්න පුළුවන්.
යතුර තියන තැන හරියට දන්න කෙනෙක් සම්බන්ධයි... ෆැමිලි එකට ළඟම කෙනෙක් සම්බන්ධ ඇති...!
ශුවර් එකටම ජැක්සන් අයියාගේ වැඩක්...