(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
උඩරට වතු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් ගත වෙන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ නිමිත්තෙන් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා රජය සමග වැඩපිළිවෙළක් සංවිධාන කර තිබෙන බව පැවසීය.
අදාල කටයුතු සොයා බැලීමේ කටයුතු වෙනුවෙන් තමා කොටගලට ප්‍රදේශයේ සංචරය කළ බවද අමාත්‍යවරයා කීය.
කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව පැවසීම සතුටට කරුණකි. ඔහුගේ පුද්ගලික මුදලින් මෙය සිදුකරනා බව පැහැදිලිය.
පවතින විශ්ව විද්‍යාල 17 නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකිව තිබියදී තවත් එකක් කරන්නේ කෙසේද ?
ඔකට ආචාර්ය මහාචාර්ය වරුන්ව පිට රටින් ආනයනය කරන්න වෙවි.
නිකම් බොරුවට සල්ලි නාස්ති නොකර ඉන්නවාද? එක එක මනුස්සයාට හිතෙන හිතෙන විදියට කරපු වැඩවලින් මුළු රටම අනාථවෙලා දැන් ඉන්නේ...!
හරිම ආස්වාද ජනකයි.. එයාගේ හීන් නූලේ පුවත්, අනික ඔය පුවත නිලධාරියෙක්ට ප්‍රකාශ කරන්න බැරිද...?
හුඟක් අය ඊරිසියයි තව විශ්ව විද්‍යාල ඇරලා වැඩිපුර අය ඉගෙන ගන්නවාට...!
තොන්ඩගේ චන්දෙ බලාගෙන කරන මහජන මුදල් නාස්තියක් .තලවකැලේ ශ්‍රීපාද විද්‍යාපීඨ වගේ 75% වතුදෙමල විතරද ගන්නේ ?