
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, මුම්බායි නුවර, ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්, ගෝලීය වේදිකාවේ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි සිසුවකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
''මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි'' යැයි ආචාර්ය එස්. ජයිශංකර් දේශනය අතරතුරේ පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියා බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඊට අමතරව, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිද්දී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් වූ ආකාරය සහ ලෝකය පිටුපාද්දී ඉන්දියාව ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට ණය දුන් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව
SAM Wednesday, 31 January 2024 09:16 PM
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම "අවංක විස්වාසනීය" ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතුයි
චන්දන Wednesday, 31 January 2024 09:37 PM
ඔව් ඔව් ආගන්තුක සත්කාර කොහොමෙද කියනව නම් අපේ කෑල්ලකෑල්ල ඔයාලට ලියල දෙනව...අදානිට නොසලකා කොහොමෙද... ඔයාලගෙම රටේ කොටෙහක් නෙ එන්න එන්න
Kule Thursday, 01 February 2024 01:37 AM
මේ මිනිහ ඒ පාර ලංකාවයි මාලදිවයිනයි කොටවන්නයි යන්නෙ
අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 01 February 2024 03:47 AM
මෙන්න ලෝකෙ හොල්ලපු විදේශ ඇමතිල! මෙතුමගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් රටට වාසනාවක්
Perera Thursday, 01 February 2024 04:13 AM
අම්මෝ ,ලාංකිකයන්ට මාර බටර් පාරක් නේ
fairoos Thursday, 01 February 2024 02:42 PM
ඉස්සර නම් එහෙම තමයි ලංකාව හැබැයි දැන් ආවොත් තේරෙයි...!
බද්රානි Thursday, 01 February 2024 03:36 PM
අපි නොදන්නා සිරි ලාංකිකයෝ ගැනද මේ පුහු වර්නනා කරන්නේ..? "ලඟින් ගියොත් ඇහැක් නැහැ". රුසියන් ගණිකාවන්ට නම් කියාපු රට..?
Thilina Thursday, 01 February 2024 07:26 PM
මේ නොකිය වහෙන් හොරෝ කියන්නේ අපේ රට උන්ගේ කොලනියක් බව සිහිබුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා.!