IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ )

නිලධාරීන්ගේ  උග්‍ර  හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ  විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.

විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක්  බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි  එහි නිලධාරීහු පෙන්වා දෙති.

නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී   වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.


 



අදහස් (5)

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

Rata Perata Saturday, 27 April 2024 03:52 PM

ඡන්ද වලට වගේම ඔය වැඩේටත් සල්ලි නැති වෙයි.

:       0       3

kotiya Saturday, 27 April 2024 04:59 PM

පුරප්පාඩු 630ට අයදුම් පත්‍ර ලැබිලා තියෙන්නේ 600යි. ඔක්කෝම බඳවා ගත්තත් පුරප්පාඩු 30ක් ඉතුරුයි. අපි යවපු අයදුම්පත්‍ර ලැබුණා කියලාවත් දැනුම්දීමක් නෑ...

:       0       5

ravin Saturday, 27 April 2024 04:59 PM

හරියට විගණනය කළොත් හොරකම් ටික හෙළිවෙනවා. එතකොට බඩගෙඩි ටිකට මොකද වෙන්නේ? රට පාලුවන්ගේ පැවැත්ම උදෙසා විගණන නිලධාරීන් බඳවා ගැනීම නොකෙරේ...!

:       0       4

රනේ Saturday, 27 April 2024 06:07 PM

මොනවද අනේ කොටඋඩ නැත්තේ...?

:       0       2

Ruwan Sunday, 28 April 2024 07:54 PM

විගණන නිලධාරීන්ව එම දෙපාර්තමේන්තුව තුළ තියාගන්නට කටයුතු කළේ නෑ. බහුතරයක් රට අතෑරලා ගියා. ලොක්කෝ කැමැති නෑ... පොඩි අයට දෙයක් දෙන්න... ඒ නිසා කලකිරීලා දෙපාර්තමේන්තුව හැරගිය නිලධාරීන් බොහෝමයි. කවදාවත් වැඩකරන අයට තැන් දුන්නේ නෑ. වැඩ නොකරන ශරීර හොරුන් තමා කොතැනත් රජ කළේ. විගණන යටත් වුනේ එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site