
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය.
නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය.
දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ.
වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය.
මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ භාරකරු හා සතර මහ දේවාල භාර මහා නිළමේ රොෂාන් ප්‍රියදර්ශන, වරකාපොල දොරවක ශ්‍රී නාථ දේවාලයේ හිටපු භාරකාර ඉනිදික රුවන් පතිරණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ගාමිණි කළුහැන්දිවෙල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති නන්ද මඩුගල්ල යන මහත්වරු ඉදිරිපත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා හාමුදුරුවන් බේරාදුන් අයට බොහෝම පින්...
ශ්රී දළදා සමිදු පිහිටයි...
සුබ පැතුම් ඔබතුමාට...!
වසර 2ක් ඉදලා තවත් 10ක්. මේ ක්‍රම වෙනස් වෙන්න ඕනෑ. එකම පුද්ගලයකු එකම තනතුරක වසර 20 ක් ඉදලා තවත් වසර 10කට තේරුනා කියන්නෙම එතන චන්දෙ දීපු අයගේ වගේම නිලමෙගේත් ප්රශ්නගත් පැති තිබ්බා කියන එකාවසානේ මේක පරවේනි බූදලයක් වගේ වෙලා...
රටේ පුරවැසියන් මිලියන 22 ට වඩා වැඩිය. එයින් බවුද්ද්යන් 70% වඩා සිටිනා රටක ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පත්කිරීමේ අවස්ථව චන්ද 362 ට සීමාවී ඇත. 1931 අංක 19 දේවාලගම් පනත යටතේ ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට වසර 10ක කාලසීමාවකට එම තනතුර ලැබේ. ඉන්පසු වෙනත් පුද්ගලයකු එම තනතුරට පත්වීම සිදුවිය යුතු උවත් වර්තමානයේ සිදුවන්නේ එකම පුද්ගලයකු ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වසයෙන් දිගින් දිගටම පත්වීම වේ. 1931 අංක 19 දේවාලගම් පනත පවා මේවනවිට උල්ලංගනය කර තිබේද යන්නත් ඒ අනුව ලබාදුන් චන්ද නිත්‍යානුකුල බවක් තිබේද යන්නත් බෞද්ධයන් විසින් සොයාබැලිය යුතු කාරණයකි.
අපි ඉවරයි අයියේ....
තනතුර බැබල වූ මිනිසෙක්. ඔබතුමන්ගේ සේවාව සුලුපටු නැහැ...
මෙතුමන් තමයි තනතුරට ගැලපෙනම කෙනා. තෙරුවන් සරණයි.
නිලංගදෑල... ජීවිතාන්තය දක්වාම දියවඩනු ඇත.
දළදා සෙවණ වැඩසටහන බලන්න. කෙරෙන සමාජ සේවාවන් පෙනෙනවා. මෙතුමාට දළදා හිමි සරණයි...
වැඩ හොඳට කරා නම් අනිවාර්යයෙන් මිනිස්සු අවශ්‍ය පුද්ගලයින් නිසි වේලාවට පත් කරනවා...
බෝම්බ ගහලා මංකොල්ල කන්න බැරි වුණු මාලිගාවේ රත්තරන් මැණික් ටික ජේවීපී කාඩරයෙක් දියවඩන නිලමේ කරලා ගසාකන්නයි බැලුවේ. වැඩේ අල වුණා.
මේ ඡන්දෙට රාජ්‍ය නිලධාරීන්ගේ මනාප ගන්න කියලා තියෙන්නේ ත්‍රිපිටකයේ මොන කොටසේද?
අද වන විට ධුර කාලය වසර 10 ක් නම්, අවශ්‍ය නම්, නව නීති රීති ගෙන ඒමට හෝ එම ධුර කාලය වසර 5 කට සීමා කර වාර දෙකකට ඉඩ දීමට රජයට කාලය පැමිණ තිබේ. ඒකාධිකාරිව දිගු කාලයක් තනතුරේ රැදී සිටීම දූෂිත වැඩ කරන්න මග පෑදෙන නිසයි.
දළදාවට දෙවි පිහිටයි
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන හරිම සතුටුයි.
දළදා වහන්සේ නීතියන්ම විකුණාගන්න තවත් අවුරුදු 10ට ලයිසන් හම්බවෙලා. මාලිගාවට ලැබෙන ආධාර මිලියන ගණන්. මෙයාගේ ගැහිල්ල්ලත් ඒ වගේමයි.