(හසිනි න⁣වෝද්‍යා)

නිරිතදිග ස්විට්සර්ලන්තයේ ලි කොන්ස්ටලේෂන් (Le Constellation) අවන්හලෙහි  අලුත් අවුරුදු උදාව සැමරීමේ දී ඇති වූ  ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙරට වේලාවෙන් අද(01) දින අලුයම 1:30 ට පමණ ගින්න හටගෙන ඇති අතර ඒ මොහොතෙහි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සිට ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්විට්සර්ලන්ත බලධාරීන් මරණ සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, නිශ්චිත සංඛ්‍යාලේඛන සැපයීමට තවමත් කල් වැඩි බව ඔවුන් පවසන බව වැඩි දුරටත් සඳහන් වේ.

මියගිය අයගෙන් බහුතරය නිවාඩු සමය සඳහා ක්‍රාන්ස්-මොන්ටානා වෙත පැමිණි සංචාරකයින් බවට විශ්වාස කරන බව එරට පොලිස් ප්‍රකාශකයෙකු පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගින්නට හේතුව පිළිබඳ පරීක්ෂණ තවමත් මුල් අවධියේ පවති.

(අන්තර්ජාලය ඇසුරෙන්)