(සුජිත් හේවාජුලිගේ)
සාධාරණ පරීක්ෂණයක් පවත්වා තාජුදින්ගේ ආත්මයට සාධාරණය ඉටු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය ආණ්ඩුව පොලිසිය පාවිච්චි කරලා බොරු සාක්ෂි හදනවා.
පොලිසිය කරන්න ඕන ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ප්‍රමෝෂන් ගන්න එක නොවෙයි. ගෞරවය ආරක්ෂා කර කරගන්න කියලා පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.
තාජුදින් සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි හදන්න ගියා. පැය විසි හතරක් යන්න කලින් අධිකරණයට දක්වන්න ඕන කරුණු මාධ්‍යයට දක්වලා වැඩේ අනාගත්තා.
දැන් වත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න. ඒක තාජුඩින්ගේ ආත්මයට කරන සාධාරණයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවා, මැරුණු එකාගෙන් සමාව අරන් වැඩක් තියෙනවද?
මෙන්න පොකට් ගහනවෝ, අන්න පොකට් ගහනවෝ...
තාජුඩින්ගේ ආත්මයට ඝාතකයා සාධාරණයක් ඉල්ලනවා වගේනේ මේක...
කොහෙන්ද හිනාවෙන්න ඔන නාමල් කොල්ලො
ඒකට නම් තමුන් හිරේ යන්නම වෙනවා . එතකොටයි ඒ ආත්මයට නිදහස ලැබෙන්නේ.
තාජුඩින්ව අමානුෂිකව ඝාතනය කිරීම පිළිබදව මුල සිටම දන්නෝ හොන්දාකාරවම දැනගෙන සිටියා. හොර පෙරකදෝරුවා මොනවා කිව්වත් වැඩක් වෙන එකක් නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු, රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ අයට මොනවා කියන්ඩ බැරිද?
නාකිමයිනට කියලා ඔය වැඩේ ලේසියෙන් කර ගන්න තිබුනානේ. මෝඩ රාලට තාජුඩීන් කප් එක බලහත් කාරයෙන් ගන්න ගිහින් නේද? අයියා මලෝ... මරා ගත්තේ... නාකිමයිනාට ඩී.එන්ඒ. ප්‍රතිඵල. ඇමරිකාවෙන් ආවා නේ. බලය තියෙන කාලේ කුලී මිනීමරුවන් ආරක්ෂා කර ගන්න ඕනෑ නිසා ඒවා විනාශ කෙරුවා. අනිත් මිනිස්සුත් නුගත් මෝඩයින් කියලා හිතන්නේ. මේ ආන්ඩුව ආවේ නැත්නම්... ලන්කාවක් නැහැ සිතියමේ. මාලිමාවට මඩ ගහන්න පුළුවන් නමුත් කොන්ද කඩන්න බැහැ. ඔබලාගේ තටු කැපුවේ. මාලිමා ආන්ඩුව විතරයි අනිත් සේරම ගොබ්බයෝ. ඒකයි ඔබලා මේ තරම් උඩ ගියේ. දැන්නම් හැව ඇරලා තියෙන්නේ. පෙනෙත් කඩලා තියෙන්නේ නාකි මයින්ගේ. හැපින්නගේත් ඒ වාගේමයි. ගැරඩි පැටව් තවම දගලනවා...
තාජුඩීන් තාජුඩීන් කිය කියා කෙදිරි ගාන්න එපා... නාමල්, එතකොට අපිට හිතෙනවා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වත්දෝ කියලා...
හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැ. තාජුඩීන්ගේ ඝාතනය පිළිබදව විමර්ශනය කරලියට ආවුත්, ගැරඩියාට භූමිතෙල් වක්කළා වගේ මෙයාටත් ඇවිලෙනවා.
මුලින්ම මේ අදහස ඔලුවට ආව නම්... තාඩුඡීන් තාමත් ඉන්නවා..
ඔබතුමාගේ තාත්තා, බාප්පා වගේම, බාප්පාගේ ඉතුරු කොටස ඇදගෙන ගිය RW අවුරුදු කීයක් මේ රට පාලනය කළාද? ඇයි ඔබලාට බැරි වුණේ ඔය දේ කරන්න?
අනේද කියන්නේ. තාත්ත එක කතාවක් කියනවා, අම්මා තවත් කතාවක් කියනවා, පුතා දෙකටම වෙනස් කතාවක් කියනවා. ඒ අව්අස්සේ ඇමැති කෙනෙක් සේරටම වෙනස්ම කතාවක් කියනවා. මේවානේ රාජකීය සාක්කි කියන්නේ. කාගේ බෙල්ලට තොන්ඩුව වැටෙයිද කියලා හරියටම දන්නේ දෙයියෝ තමයි ඉතින්...
පල…පල…පල…