(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්වීමේදී තමාගේ හෝ තම පක්ෂයේ නම කීවේ නැතැයි කියා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්තර රැස්වීමෙන් අද (20) නැගිට ගියහ.
"මොන දුකක්ද මහත්තයෝ මේ.මේ පක්ෂ මොනවද?තලතා අතුකෝරලට මගේ නම මතක නෑ .මුන්ට පිස්සු.
එක්සත් ජාතික පක්ෂය විසින් මට ආරාධනා කළා. ඒක නිසා මම ආවා.අපි ඔහේ යන්නං වාලේ පුටුවක වාඩි කරලා තිබ්බා.ඒ ගොල්ලන් සියලු දේශපාලන පක්ෂ වල නම් ගම් කතා කළා.පක්ෂ නායකයන්ගේ නම් කිව්වා. හැබැයි ජන සෙත පෙරමුණේ නමක් වත් කිව්වේ නෑ.
ඒ කියන්නේ අපේ ජනසෙත පෙරමුණ මේ ගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි.
අපේ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නෑ.දෙන්න බලාපොරොත්තුවකුත් නෑ.
අනුර ජනාධිපතිවරයා එන්න කිව්වත් මම ඒවට යනවා.මහින්ද මහත්තයා කතා කළත් යනවා .මොනවද මේ පක්ෂ"යනුවෙන්ද බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්සර රැස්වීමෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීහ.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර රැස්වීම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී අද පැවැත්විණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නම කිව්වේ නැතැයි සීලරතන හිමියෝ තරහ වී යති
ලක් අම්මා Saturday, 20 September 2025 05:54 PM
පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරි අයගේ කෙරුවාවල් ගැන නම් අපි මුල සිටම දැනගෙන හිටියා. පුදන කොටම කාපි යකා කිව්වලු.