
(බී.ජී.චතුරංග )
නිධන් කර ඇති පෞරාණික වස්තුන් සොයා තඹුත්තේගම කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් පිටුපස කැණීම් සිදු කරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
බැකෝ යන්ත්‍රයක්, ට්‍රැක්ටරයක්, මෝටර් රියක් සහ පූජා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස්බාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, වයස අවුරුදු 47ත් 17 අතර වියේ පසුවන දෙහිඅත්තකන්ඩිය, රිදී ඇල සහ දමනේවෙල, බදුල්ල, එගොඩවෙල සහ සොරනාතොට, තඹුත්තේගම, ඉකිරි වැව , කිත්සිරිගම , ගම්මාන 4, රාජාංගනය පාර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි.
අත්අඩංගුවට පත් වූ චීවරධාරියා දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.සැකකරුවන් අතර වයස අවුරුදු 17 වියේ පසුවන සිසුන් තුන් දෙනෙකු සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd